“කලාකරු” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සාකච්ඡාව

“කලාකරු” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සාකච්ඡාවක් ප්‍රවීණ කලා ශිල්පී, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මැතිතුමාගේ සහ ජාතික උරුම, ප්‍රසංග කළා, ග්‍රාමීය කළා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය ප්‍රේමසිරි ගමගේ මහතාගේ සහභාගිත්වයෙන් 2023.04.24 වන දින සමාජ ආරක්ෂණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පැවැතිවිණි. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති පී.එස්.එස්. දික්වැල්ල මහතා සහ සාමාන්‍යාධිකාරි කේ.ඒ.එස්. ප්‍රසන්න කළුආරච්චි මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.