තරුණ ප්‍රජාව ස්වයං රැකියා සඳහා යොමුවීම දිරිමත් කිරීම, ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාවයන් වැඩිදියුණු කිරීම සඳහා වූ වැඩසටහන් මාලාවක් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලදී. ඒ අනුව යක්කල, අත්තනගල්ල, කටුනායක, දිවුලපිටිය හා බුලත්සිංහල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයන්හි පුහුණුව ලබන තරුණ තරුණියන් වෙත ස්වයං රැකියා සඳහා යොමු වීම දිරිමත් කිරීම, ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදීම සඳහා වූ එම වැඩසටහන් පවත්වන ලදී.