සමාජ ආරක්ෂණයට කැප වූ උතුරු හා නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් අගයයි

රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන සේවා නියුක්තිකයින් ඉලක්කකර ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමය, උතුරු හා නැගෙනහිර පළාත් තුළ  ව්‍යාප්තියට ඉහළ දායකත්වයක් දැක්වූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ “සමාජ ආරක්ෂණ සම්මාන උළෙල – 2024” උත්සවය, ශ්‍රි ලංකා සමාජ  ආරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති වරලත් ඉංජිනේරු පි.එස්.එස්. දික්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.08.15 වන දින වවුනියාව, නොර්ත්වේ හෝටල් උත්සවශාලාවේදී  පැවැත්විය.

මෙහිදී උතුරු හා නැගෙනහිර පළාත් තුළ ජනතාව වෙත සමාජ ආරක්ෂණ හිමිකම් ලබාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඇගයිමට ලක්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කේ.ඒ.එස්.ප්‍රසන්න කළුආරච්චි මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(සමාජ ආරක්ෂණ) කල්හාරි ද  සිල්වා මහත්මිය ඇතුළු උතුරු හා නැගෙනහිර පළාත් තුළ  දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් රැසක් සම්බන්ධ විය.