දකුණු පළාත් පෙර පාසල් ගුරු වෘත්තිකයින්ගේ සමුළුව - 2024.06.13 (ප්‍රධාන කාර්යාලය)
පෙර පාසල් ගුරුවරුන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම ඇතුළු පෙර පාසල් අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳව පෙර පාසල් ගුරු වෘත්තිකයින් දැනුවත් කිරීම වෙනුවෙන් “දකූණු පළාත් ගුරු වෘත්තිකයින්ගේ සමුළුව” 2024 වර්ෂයේ ජුනි මස 13 වන බ්‍රහස්පතින්දා දින, වැලිගම නගර ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලදී.
මෙම වැඩසටහන ගරු දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමාගේ ආරාධනත්වයෙන් ද, ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු දකුණු පළාත් ගුරු වෘත්තිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.










