ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාව
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය සහ අප මණ්ඩලයේ විධායක නිලධාරීන් හා සමඟ සාකච්ඡාවක් 2025.01.28 දින, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.
නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වනුයේ,
- එම්. කේ. බී. දිසානායක මහතා
- මහාචාර්ය එස්.ටි.හෙට්ටිගේ මහතා
- ආචාර්ය කෝකිල රාමනායක මහතා
- එච්. ලෙස්ලි තිසේරා මහතා
- ටී.එල් ගෝනගල මහතා
- මහාචාර්‍ය ධම්මික හේරත් මහතා
- ඩබ්ලිව්.ආර්.ගමගේ මහතා යන අයයි.
එහිදී පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයක් හා ඉදිරි සමාජ ආරක්ෂණ වැඩසටහන් පිළිබදව සාකච්ඡාකරන ලදී. ඊට අමතරව අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන සදහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ මැදිහත්වීම පිළිබඳවද සාකච්ඡා කරන ලදී.











