25 වන සංවත්සරය “සමාජ ආරක්ෂණ රිදී ජුබිලිය” - 2021.10.28
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ 25 වන සංවත්සර සැමරුම් උත්සවය සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යා ගරු ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතා ඇතුළු සෙසු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් Zoom මෙවලම ඔස්සේ 2021 ඔක්තෝම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා දින උත්සවාකාරයෙන් පවත්වන ලදී.
මෙහි දී 25 වන සංවත්සර සැමරුම සනිටුහන් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මැතිතුමාගේ මුලිකත්වයෙන් විශේෂ සමරු කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදුකරනු ලැබිය.













