සෞභාග්‍යයා සතිය 04 - සමාජ ආරක්ෂණ දිනය (2021.12.16)
සමාජ ආරක්ෂණ රැකවරණය සහිතව තරුණ ප්‍රජාව ස්වයං රැකියා සඳහා දිරිමත් කිරීමේ වැඩසටහන.
වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ නියුතු තරුණ ප්‍රජාව ස්වයං රැකියා සඳහා යොමුවීම දිරිමත් කිරීම සහ ඔවුන් වෙත සමාජ ආරක්ෂණ රැකවරණය හඳුන්වාදීමේ අරමුණින් වූ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 16 වන බ්‍රහස්පතින්දා දින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන III) හේමා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ උප සභාපති මහාචාර්ය මහින්ද එස් රූපසිංහ මහතා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ ගුරුභවතුන්, ශිෂ්‍යය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
මෙහිදී පුහුණුව ලබන සහ රැකියා වෙළඳපොළ වෙත නික්මයාමට සුදානම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ස්වයං රැකියා සඳහා යොමුවීම දිරිමත් කිරීම සඳහා වූ වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒම්.වී.එස්.එස්.උදයංග මහතා විසින් පවත්වනු ලැබූ අතර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වාදීමත්, තෝරාගත් ශිෂ්‍යය ශිෂ්‍යාවන් වෙනුවෙන් අප මණ්ඩලයේ අනුග්‍රාහකත්ව දායකත්වය ලබාදෙමින් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හිමිකම් ඔප්පු ප්‍රදානය ද සිදුවිය.













