දේවාල කාර්යමණ්ඩලය සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වාදීම
(2021.12.21)
විශේෂ ඉලක්ක කණ්ඩායමක් වූ දේවාල කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හඳුන්වාදීමේ සමාරම්භක වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 21 වන අඟහරුවාදා දින හික්කඩුව සීනිගම දේවාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබිය.
මෙම වැඩසටහන සීනිගම දේවාලයේ භාරකාර තැන්පත් සරත් හේන්තුවාහන්දි මැතිතුමා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්.පී.කළුආරච්චි මහතා, සමාජ ආරක්ෂණ නිලධාරී (ප්‍රවර්ධන) ඩි.එස්.ලක්මාල් මහතා ඇතුළු අප මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ සීනිගම දේවාලයේ කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදුවිය.










