+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

Buduputh (Agreement Sign)
2022-01-04


“බුදුපුත් මාපිය හරසර” සහ “බුදුපුත් හරසර පූජා” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.01.04 දින බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම යන මහත්වරුන් එම ගිවිසුමට අත්සන් තැබීය. සම්බුදු සසුනට තම දරුවන් පූජා කළ අවුරුදු 25ත් 59 අතර භික්ෂූන් වහන්සේගේ හා සිල්මාතාවන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ සැදෑ සමයේ සුරක්ෂිතභාවය සඳහා මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මකයි. සමාජ ආරක්ෂණ මණ්ඩලය ප්‍රතිලාභ සපයන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතීන්ගේ අවශ්‍යතා මත අවුරුදු 60 ඉක්මවූ පසුව ද ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකියාව පවතින අතර මෙම යෝජනා ක්‍රමය තවත් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ රැසකින්ද සමන්විත වේ.
ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරු, රාජ්‍ය අමාත්‍ය විදුරවික්‍රමනායක මැතිතුමා, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.