විගමණික ශ්‍රමිකයින් සඳහා හඳුන්වාදෙන “මනුසවි” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (2022.09.26)
විගමණික ශ්‍රමිකයින් සඳහා හඳුන්වාදෙනු ලබන “මනුසවි” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ්‍රයේ දී 2022 සැප්තැම්බර් මස 26 වන සඳුදා දින පවත්වනු ලැබිය.
මෙම වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මැතිතුමා යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අතර එම අමාත්‍යංශයන් හී විධායක නිලධාරීන් ද, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යන ආයතනයන් හි නිලධාරීන්ගේ ද සහභාගිත්වය සිදුවිය.













