ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය - කළුතර දිස්ත්‍රික් කාර්යාලය (දිළිඳුකම පිටුදැකීමේ සතිය වෙනුවෙන් විශ්‍රාම වැටුප්, ආරස්සාව ශිෂ්‍යත්ව ප්‍රතිලාභ,ව්‍යවසායක ඔප්පු ප්‍රදානය සහ ප්‍රශංසා සහතික ප්‍රදානය කිරීමේ අමාත්‍යාංශ විශේෂ වැඩසටහන - මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)2022.10.20
අන්තර්ජාතික දිළිඳුකම දිනයට සමඟාමීව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද දිළිඳුකම පිටුදැකීමේ සතියේ සිව්වන දිනය උදෙසා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශ්‍රාම වැටුප්,ආරස්සාව ශිෂ්‍යත්ව ප්‍රතිලාභ, ව්‍යාපාරනාම ව්‍යවසාය සාමාජික ඔප්පු ප්‍රදානය සහ රාජ්‍ය නිලධාරීන් ඇඟයීම සඳහා ප්‍රශංසා සහතික ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී 2022.10.20 දින පැවැත්විණි. මෙම වැඩසටහන සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මැතිතුමන්ගේ,ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මැතිතුමන්ගේ සහ මතුගම වැඩබලන ප්‍රාදේශීය ලේකම් නීතිඥ ශ්‍යාමා පී කාරියවසම් මහත්මියගේ හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ප්‍රසන්න කළුආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති අතර ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ ආරක්ෂණ)කල්හාරි ද සිල්වා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා, මතුගම සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.පී.එල්.රෝෂනී මෙනවිය,ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රවර්ධන කළමනාකරු ඩී.එස්.ලක්මාල් මහතා, බස්නාහිර පළාත සහ විශේෂ ව්‍යාපෘති 3 භාර සම්පත් දසනායක ඇතුළු නිලධාරීන් සහභාගි විය. මෙම වැඩසටහන කලුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී යූ.ජී.එස්.අනුෂ්ක මහතා විසින් සංවිධානය කරන ලදි.තවද මෙම වැඩසටහන සඳහා කළුතර දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීගේ සහ මතුගම, අගලවත්ත, දොඩංගොඩ, කළුතර, බුලත්සිංහල, වලල්ලාවිට සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීන්ගේ සහය ලැබිණි.















































