+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

දිළිඳුකම පිටුදැකීම, විගමනික සම්පත් මධ්‍යස්ථානය - මතුගම
2022-10-20


ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය - කළුතර දිස්ත්‍රික් කාර්යාලය (දිළිඳුකම පිටුදැකීමේ සතිය - "මනුසවි" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහන - මතුගම විගමනික සම්පත් මධ්‍යස්ථානය)2022.10.20

අන්තර්ජාතික දිළිඳුකම දිනයට සමගාමීව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කරන ලද දිළිඳුකම පිටුදැකීමේ සතියේ සිව්වන දිනය උදෙසා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "මනුසවි" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහන, සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මැතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම විගමනික සම්පත් මධ්‍යස්ථානයේ දී 2022.10.20 වන දින පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ප්‍රසන්න කළුආරච්චි මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ ආරක්ෂණ) කල්හාරි ද සිල්වා මහත්මිය,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(මුදල්) ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු ප්‍රියංකා රත්නසිංහ ආරච්චි මහත්මිය,ප්‍රවර්ධන කළමනාකරු ඩී.එස්.ලක්මාල් මහතා,මතුගම විගමනික සම්පත් මධ්‍යස්ථානයේ කළමනාකරු එස්.කේ.ඩී.කේ.පී.රාමනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය. මෙම වැඩසටහන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත් දසනායක සහ කළුතර දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ සම්බන්ධීකරණ නිලධාරී යූ.ජී.එස්.අනුෂ්ක මහතා විසින් සංවිධානය කරන ලද අතර මතුගම, අගලවත්ත, දොඩංගොඩ, කළුතර, බුලත්සිංහල, වලල්ලාවිට සහ කළුතර දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ කාර්යාලයේ සංවර්ධන නිලධාරීන්ද සහය ලබා දෙන ලදී.මෙම වැඩසටහන සඳහා විදේශ සේවානියුක්ත වීමට අපේක්ෂිත මතුගම විගමනික සම්පත් මධ්‍යස්ථානයේ නේවාසික පුහුණු ලාභීන් පිරිසක් මූලික කරගෙන අදාළ දැනුවත් කිරීම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රවර්ධන කළමනාකරු ඩී.එස්.ලක්මාල් මහතා විසින් සිදුකරන ලදි.