ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය - ප්‍රධාන කාර්යාලය (2023.01.04)
2023 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ඇතුළත් වැඩසටහන් අධීක්ෂණය - 2023.01.04
2023 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ඇතුළත් වැඩසටහන් අධීක්ෂණය කිරීම සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පස්කුවල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යංශ අතිරේක ලේකම් (සංවර්ධන III) හේමා පෙරේරා මහත්මියගේ සහභාගිත්වයෙන් 2023.01.04 වන දින මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වන ලදී.
ඊට සමගාමිව විශ්‍රාම වැටුප් හිමිකම් හා විශ්‍රාම වැටුප් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් ද පැවති අතර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරී ඇගයීම් සහතික පිරිනැමීමක් ද සිදුකරන ලදී.
මෙම වැඩසටහන සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අභිනව සභාපති පී.එස්.එස්.දික්වැල්ල මහතා ඇතුළු සෙසු නිලධාරීන් ද සහභාගිවන ලදී.






