+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

Seafarer Program (Port & Shipping Ministry)
2023-02-01


“නාවිකයා” සමාජ ආරක්ෂණ ඔප්පු ප්‍රදානෝත්සවය
(2023.02.01 - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරය)
රටට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් දායකත්වයක් සපයනු ලබන වෘත්තීය කණ්ඩායමක් වන වෙළඳ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවා නියුක්ත නාවිකයින් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලය ඒකාබද්ධව ඉකුත් වර්ෂයේදී හදුන්වාදුන් “නාවිකයා” සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය සඳහා සේවායෝජක නැව් සමාගම්හි අනිවාර්යය වූ මුල්‍ය දායකත්වය මත සාමාජිකත්වය ලැබූ පළමු නාවිකයින් කණ්ඩායම සඳහා සමාජ ආරක්ෂණ ඔප්පු ප්‍රදානය 2022.02.01 දින පෙරවරුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයෙදී පැවැත්විය
අන්තර්ජාතික කම්කරු සංවිධනයේ 2006 සමුද්‍රීය කම්කරු ප්‍රඥප්තියට අනුකූලව වෙළඳ නාවිකයන් සඳහා අවශ්‍ය සමාජ ආරක්ෂණය සැපයීම සඳහා හඳුන්වා දුන් මෙම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික විධිවිධාන සලසා 2022 වර්ෂයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද අංක 2292/18–2022 ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් සැපයීමෙන් අනතුරුව ප්‍රථම සාමාජිකත්වය ලද නාවිකයින් කණ්ඩායම ලෙස ACME International Shipping (Pvt)Ltd මගින් රැකියාව සඳහා පිටත්ව යන සහ පිටත්ව ගිය 40 දෙනෙකුගෙන් යුත් නාවිකයින් පිරිසක් මේ සඳහා ඇතුළත් විය.
ඔප්පු ප්‍රදානෝත්සවය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පස්කුවල් මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශය, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ACME International Shipping (Pvt)Ltd යන ආයතනයන්හි නිලධාරීන් රැසක් ද සහභාගී විය.