“ආරස්සාව” පළමු සාමාජිකා රශ්මි නිමේෂා දියණියට අධ්‍යාපන කඩයිම් ප්‍රතිලාභ
(2023.03.31 - සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරය)
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන් “ආරස්සාව” පූර්ව සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ ප්‍රථම සාමාජිකාව වූ රශ්මි නිමේෂා දිරිය දියණිය විශ්ව විද්‍යාල වරම් හිමිකරගැනීම මත ඇයට හිමි රුපියල් ලක්ෂ 200,000.00 ක අධ්‍යාපන කඩඉම් ප්‍රතිලාභ ප්‍රදානය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරු දැරියන් වෙත ප්‍රතිලාභ ප්‍රදානය ඇතුලුව නව සාමාජිකත්වය ලද දරු දැරියන් වෙත විශ්‍රාම වැටුප් ඔප්පු ප්‍රදානය, සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මැතිතුමා සුරතින් 2023.03.31 දින සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයෙ දී පැවැත්විය
මෙම අවස්ථාව සඳහා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, එම අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන III) හේමා පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති පී.එස්.එස්.දික්වැල්ල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී විය.










