+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

Social Security Award Ceremony - Nuwaraeliya
2023-04-03


සමාජ ආරක්ෂණයට කැප වූ නුවරඑළිය නිලධාරීන් අගයයි

රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පිරිස් සඳහා ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමය සදහා ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ “සමාජ ආරක්ෂණ සම්මාන උළෙල 2023 - නුවරඑළිය” උත්සවය, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති ජ්‍යේෂ්ඨ ඉංජිනේරු පි.එස්.එස්. දික්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.04.03 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂණ හිමිකම් ලබාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සමාජ සේවා නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇගයිමට ලක්විය. මෙහි දී ආරස්සාව යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වූ දරුවන් වෙත අධ්‍යාපන කඩයිම් ප්‍රතිලාභ ප්‍රදානය කිරිම ද, වයස 60 සම්පුර්ණ වු වැඩිහිටි අය සදහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරිම ද සිදුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කේ.ඒ.එස්.ප්‍රසන්න කළුආරච්චි මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය, දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.