බදුල්ල දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2023
රජයේ විශ්‍රාම වැටුපක් අහිමි ජනතාවගේ ජිවන තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වෙත සාමාජිකයින් බඳවාගනිමින් එය ව්‍යාප්ත කිරීමට දායකත්වය ලබා දුන් රාජ්‍ය නිලධාරීන් ඇගයීම සඳහා වූ ඇගයීම් උත්සවයක් (සම්මාන උළෙලක්) බදුල්ල දිස්ත්‍රික් ලේකම් ශ්‍රී පණ්ඩුක ප්‍රභාත් අභයවර්ධන මහතා හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ශාන්ත දික්වැල්ල මහතාගේ ප්‍රධාත්වයෙන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ ආරක්ෂණ) කල්හාරි ද සිල්වා මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) ෂර්මිලා ප්‍රනාන්දු මෙනවිය ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් 2023.08.04 වන දින බදුල්ල දිස්ත්‍රික් ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
සම්මාන උළෙල තුළදී, 2017 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලසීමාව තුළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඉහළ දායකත්වයක් දක්වන ලද ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඇගයීමට ලක්විය.
එමෙන්ම මෙහිදී වයස 60 සම්පුර්ණ කළ සාමාජිකයින් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය සහ ආරස්සාව පුරවා සැලසුම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලද දරු දැරියන් වෙත අධ්‍යාපන කඩයිම් ප්‍රතිලාභ ප්‍රදානයද සිදුකරන ලදී.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන රාජ්‍ය විශ්‍රාම වැටුපකින් ආවරණය නොවන සේවා නියුක්තිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රම ක්‍රියාත්මක කිරීමට ස්ථාපිත රාජ්‍ය ආයතනයකි.


























