+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

Mathugama Program
2023-09-06


වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියාවිරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීමේ වැඩසටහන.
තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියාගතකිරීමේ වැඩසටහනක් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගමේ සම්පත් දායකත්වයත් ද සහිතව, මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2023 සැප්තැම්බර් මස 6 වන දින පෙරවරු 09.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇත.
මෙම වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම හා වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් තුළ අ.පො.ස. උසස් පෙළ හදාරා අවසන් සහ මේ වනවිට රැකියා විරහිත හෝ ස්ථිර රැකියාවක නොයෙදෙන තරුණ තරුණියන් 200 ක පිරිසක සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය, අලෙවිකරණය සහ නායකත්වය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩමළුවක් පැවැත්වීමටත් එම තරුණ කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ උපදේශකවරුන් ලෙස රැකියා සඳහා රැකියාගතකිරීමට ද අපේක්ෂා කරනු ලැබේ.