+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

පාසල් ශිෂ්‍ය ප්‍රජාව හා දෙමව්පියන් වෙත උපදේශන වැඩසටහන (ගොතටුව මහා විද්‍යාලය)
2024-07-18


මුල් ළමාවිය සංවර්ධන සතියට සමගාමිව පැවැත්වූ උපදේශන හා විදේශ ආධාර මත විශ්‍රාම වැටුප් ඔප්පු ලබා දීමේ වැඩසටහන - 2024.07.18 (ප්‍රධාන කාර්යාලය)

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන “2024 - ජාතික මට්ටමේ උත්සව හා විශේෂ වැඩසටහන් මාලාව” යටතේ මුල් ළමාවිය සංවර්ධන සතියට සමගාමිව, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් පාසල් ශිෂ්‍ය ප්‍රජාව හා දෙමව්පියන් වෙත සමාජ ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ හා කොරියානු ජාතික පරිත්‍යාගශිලීන්ගේ දායකත්වය යටතේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ඔප්පු ලබාදීමේ වැඩසටහන 2024 වර්ෂයේ ජූලි මස 18 වන බ්‍රහස්පතින්දා දින, බප/ජය ගොතටුව මහා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.
වැඩසටහන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ ආරක්ෂණ) කල්හාරි ද සිල්වා මහත්මිය ඇතුලු මණ්ඩලයේ නිලධාරීන්, බප/ජය ගොතටුව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) ශිරෝමි ශ්‍රී පත්මකුමාර මහත්මිය ඇතුලු ගුරු හා සිසු දරුදැරියන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පැවති අතර සම්පත් දයකත්වය අමාත්‍යංශ උපදේශන අංශයේ ආචාර්ය සුසන්ත බණ්ඩාර මහතා විසින් සපයන ලදී.