තරුණ ප්‍රජාව ස්වයං රැකියා සඳහා යොමු වීම දිරිමත් කිරීම සහ ඔවුන් වෙත සමාජ ආරක්ෂණ රැකවරණය හඳුන්වාදීමේ වැඩසටහන - 2024.09.26 හා 27 (ප්‍රධාන කාර්යාලය)
තරුණ ප්‍රජාව ස්වයං රැකියා සඳහා යොමු වීම දිරිමත් කිරීම, ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වාදීම සඳහා වූ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී. මෙම වැඩසටහන් මාලාවේ, වැඩසටහනක් 04 ක් 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 26 හා 27 යන දෙදින තුළ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පාදුක්ක, පහත්ගම, හොන්නන්තර හා රාජගිරිය යන පුහුණු මධ්‍යස්ථානයන් හී පවත්වන ලදී.
මෙම වැඩසටහන් ප්‍රවීණදේශක උදාන ලිවේරා මහතාගේ සම්පත් දායකත්වයෙන් සහ සමාජ ආරක්ෂණ නිලධාරී (ප්‍රවර්ධන) ඩි. එස් ලක්මාල් මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන ලදී.





















