2023 වසරේ සමාජ ආරක්ෂණ බඳවාගැනීම් සිදු කළ නිලධාරීන් ඇගයීම
විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා සාමාජිකයින් බදවාගැනීමේ රාජකාරියේ නියුතු කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇගයීම හා දිරිමත් කිරීමේ අරමුණින් වැඩසටහනක්, අප මණ්ඩලයේ සභාපති එම්.කේ.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස්.ප්‍රසන්න කළුආරච්චි මහතාගේ සංවිධානයෙන් සහ ප්‍රධාන කාර්යාලයේ හා කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2024.10.25 වන දින රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.






















