+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

සෞභාග්‍යයේ සතිය (Ministry Program)
2021-03-24

2021 මාර්තු 02 වන දින සිට 2021 මර්තු 08 වන දින දක්වා පැවැත්වෙන "සෞභාග්‍යයේ සතිය” වැඩසටහන වෙනුවෙන්, අප මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවේ, එක් වැඩටහනක් ලෙස

- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (සෞභාග්‍යයේ සතිය 2021) –
2021.03.04

01. වඩා කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් සැපයීම සඳහා නව පරිගණක මෘදුකාංග පද්ධතිය ස්ථාපිත කිරිමට අදාළව අවසන් කරන ලද විස්තරාත්මක පිරිවිතර වාර්තාවට EPIC සමාගම සහ අප මණ්ඩලය අත්සන් තබන ලදී.
මෙම වැඩසටහන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශ ප්‍රධාන මුල්‍ය නිලධාරී සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021 මාර්තු මස 04 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (සෞභාග්‍යයේ සතිය 2021) –
2021.03.04

02. විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය දීපව්‍යාප්තව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ස්වාධීන අලෙවි නියෝජිත ජාලය ස්ථාපිත කිරීම සනිටුහන් කරමින් අලෙවි නියෝජිතයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම.
මෙම වැඩසටහන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශ ප්‍රධාන මුල්‍ය නිලධාරී සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමන්, ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021 මාර්තු මස 04 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.

- ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (සෞභාග්‍යයේ සතිය 2021) –
2021.03.04

03. ආකර්ශනීය සහ ඉහල ප්‍රතිලාභවලින් සමන්විත “සෞභාග්‍යා” නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වාදීමට අදාළව සකස්කරන ලද ගැසට්පත්‍රය ප්‍රකාශයට පත්කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්තුමා වෙත නිළවශයෙන් භාරදීම.