විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමකට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය අතර අත්සන් තබන ලදී.
මෙම වැඩසටහන ගරු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් සේමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය සංවර්ධන බැංකු සාමාන්‍යධිකාරී දමිතා කේ. රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2021 මාර්තු මස 08 වන දිනට යෙදුන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව කඩවත Randula Grand Venus හෝටලයේදී සිදුකරන ලදී.



