+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

නව ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව
2026-05-25


ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජ ආරක්ෂණ වෙනුවෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති නවතම ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (2026 මැයි 25) ප.ව. 1.15 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මෙම වැඩසටහන් මගින් මෙරට අවිධිමත් ක්ෂේත්‍රයේ සේවා නියුක්ත ජනතාවගේ සමාජ ආරක්ෂණය තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය නියෝජනය කරමින් සභාපති එම්.කේ.බී. දිසානායක මහතා, සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය සහ ප්‍රවර්ධන කළමනාකරු ඩී.එස්. ලක්මාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.