+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

සමග නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම - බ්‍රිටිෂ් වේ ඉන්ටර්නැෂනල් කොලේජ් ආයතනය
2026-05-09


බ්‍රිටිෂ් වේ ඉන්ටර්නැෂනල් කොලේජ් ආයතනය සමග නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ බ්‍රිටිෂ් වේ ඉන්ටර්නැෂනල් කොලේජ් (British Way International College) ආයතනය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2026 මැයි 09 වන දින නිට්ටඹුව බ්‍රිටිෂ් වේ ඉංග්ලිෂ් ඇකඩමි පරිශ්‍රයේදී සාර්ථකව සිදු කෙරිණි.

මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වන්නේ බ්‍රිටිෂ් වේ ඉන්ටර්නැෂනල් කොලේජ් (පීවීටී) එල්ටීඩී හි කාර්ය මණ්ඩලය සඳහා සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් නවතම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමයි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති එම්. කේ. බී. දිසානායක මහතා සහ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය සහභාගී වූ අතර, බ්‍රිටිෂ් වේ ඉන්ටර්නැෂනල් කොලේජ් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශාන්ත ගීතදේව මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී රංග ඉලන්දර මහතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා එක් වූහ.

සැමට සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ තවත් එක් සාඩම්බර පියවරකි!