+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

"සුරක්ෂිතම සුරක්ෂිත හෙටක්" විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන – පොළොන්නරුව දිස්ත්‍රික්කය
2026-08-06


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන "සුරක්ෂිතම සුරක්ෂිත හෙටක්" විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන - පොළොන්නරුව දිස්ත්‍රික්කය

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ විශ්‍රාම වැටුප්, රක්ෂණ ආවරණ සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙන්ම නව සාමාජික ලියාපදිංචිය සඳහා පහසුකම් සැලසීමයි.

රජයේ නිලධාරීන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්, ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් සහ අවිධිමත් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සියලු දෙනාම මෙම වැඩසටහන සඳහා සහභාගී විය. ස්ථීර විශ්‍රාම වැටුපක් සහ විශ්වාසවන්ත සමාජ ආරක්ෂණ ආවරණයක් සමඟ සුරක්ෂිත අනාගතයක් ගොඩනගා ගැනීමට මෙය වැදගත් අවස්ථාවක් විය.