+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

අම්පාර දිස්ත්‍රික් විශේෂ සමාජ ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවට!
2026-09-16


අම්පාර දිස්ත්‍රික් විශේෂ සමාජ ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවට!

​ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් අම්පාර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කළ "විශේෂ සමාජ ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන" පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදී.
​මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වූයේ, ජනතාව දැනුවත් කිරීම සහ සමාජ ආරක්ෂණ සේවාවන් සාමාන්‍ය ජනතාව අතර වඩාත් පුළුල් ලෙස ප්‍රචලිත කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්, සමාජ ආරක්ෂණ මණ්ඩලය සමඟ සෘජුවම සම්බන්ධ කර ගැනීමයි.
​විධිමත් සමාජ ආරක්ෂණයකට හිමිකම් නොකියන, අවිධිමත් ක්ෂේත්‍රයේ නියුතු අපගේ ශ්‍රමිකයින් ඇතුළු සමස්ත පුරවැසියන්ගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් සක්‍රීය ජාලයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ. මෙම වැඩසටහන හරහා එම ශක්තිමත් සම්බන්ධතාවය ගොඩනඟමින්, නිවැරදි තොරතුරු සහ සේවාවන් වඩාත් කාර්යක්ෂමව ඉලක්කගත ජනතාව වෙත ගෙනයාමට අවශ්‍ය පදනම සකස් කෙරිණි.
​ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙම ජාතික මෙහෙවර වෙනුවෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!