වව්නියාව දිස්ත්‍රික් විශේෂ සමාජ ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවට!
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් වව්නියා දිස්ත්‍රික්කය මූලික කරගනිමින් දියත් කළ "විශේෂ සමාජ ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන" අද දින ඉතා සාර්ථක අන්දමින් පවත්වා අවසන් කරන ලදී.
මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වූයේ, ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සමාජ ආරක්ෂණ මණ්ඩලය හා සෘජුව සම්බන්ධ කරගනිමින්, සමාජ ආරක්ෂණ සේවාවන් පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සහ එම සේවාවන් ඔවුන් අතර තවදුරටත් ප්‍රචලිත කිරීමයි.
විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට අයත් නොවන අවිධිමත් අංශයේ ශ්‍රමිකයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට නම්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ක්‍රියාකාරී ජාලයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම වැඩසටහන මගින් එම සබඳතාවය තවදුරටත් ශක්තිමත් කර, නිසි තොරතුරු සහ සේවා වඩාත් ඵලදායී ලෙස අදාළ ජනතාව වෙත ලබා දීමේ මූලික අඩිතාලම දමන ලදී.
ජනතාවගේ හෙට දවස සුරක්ෂිත කිරීමේ මෙම ජාතික කර්තව්‍යය සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා එක්වූ වව්නියාවේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට අපගේ හෘදයාංගම කෘතවේදීත්වය පුද කරමු!



















