ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය - කුරුණෑගල කාර්යාලය
සමෘද්ධි වැඩපිළිවෙළ හරහා සවිබල ගැන්වූ හා සවිබල ගැන්වෙන පවුල්වල සාමාජිකයන් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක කිරීමේ සමාරම්භක වැඩසටහන) 2021.09.28
“සෞභාග්‍යා සතිය” වැඩසටහනට සමගාමීව සමෘද්ධි වැඩපිළිවෙළ හරහා සවිබල ගැන්වූ හා සවිබල ගැන්වෙන පවුල්වල සාමාජිකයන් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක කිරීමේ සමාරම්භක වැඩසටහන, සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2021.09.28 දින පවත්වන ලදී .
මෙහිදී විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය හා සම්බන්ධ වූ සාමාජීකන් සඳහා ඔප්පු ප්‍රධානය හා විශ්‍රාම වැටුප් ප්‍රධානය සිදුකරනු ලැබූ අතර, වැඩසටහන සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්තුමා, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හදරාගම මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සම්බන්ධ විය.
රාජ්‍ය නිලධාරීන් ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතා, අමාත්‍යාංශ අතිරේක ලේකම් ආර්.එම්.බි.රත්නායක මහතා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කේ.ඒ.එස් පී.කළුආරච්චි මහතා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක එස්.එම්.පෙත්තාවඩු මිය ,සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) එස්.ඩබ්.ලක්ෂ්මන් මහතා, මාස්පොත ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ඒ. එස් .එම් විතාන ආරච්චි මිය, ජේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී රංජිත් දිසානායක මහතා, සම්බන්ධීකරණ නිලධාරීන් වන බණ්ඩාර හේරත් මහතා හා අනුත්තරා පතිරණ මිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂක ,මූලස්ථාන සමෘද්ධි කලමනාකරු ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සමාජ සේවා නිලධාරි ,ඔප්පුලාභී සාමාජිකයින් තිස් දෙනෙකු වැඩසටහන සඳහා සහභාගී විය.













