සමාජ ආරක්ෂණයට කැප වූ උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන් අගයයි!
රාජ්‍ය විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන සේවා නියුක්තිකයින් ඉලක්ක කර ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමය, උතුරු පළාත තුළ ව්‍යාප්ත කිරීමට ඉහළ දායකත්වයක් දැක්වූ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ “සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2026 උතුරු පළාත” පසුගිය 2026 සැප්තැම්බර් 30 වන දින වව්නියාව, හෝටල් සෙල්වජීවිතම් (Hotel Selvajeevitham) පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ගරු නාගලිංගම් වේදනායහන් (Hon. Nagalingam Vethanayahan) මැතිතුමා ද, ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු උපාලි සමරසිංහ මැතිතුමා ද එක්ව සිටියහ.
මෙහිදී උතුරු පළාත තුළ ජනතාව වෙත සමාජ ආරක්ෂණ හිමිකම් ලබාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ උතුරු පළාතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරින්, සමාජ සේවා නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිලධාරීන් රැසක් ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තිෂාන් ගෝනගල මහතා සහ සමාජ ආරක්ෂණ නිලධාරී (ප්‍රවර්ධන) ඩී.එස්. ලක්මාල් මහතා ද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වූහ.
සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමට උරදුන් සියලුම රාජ්‍ය නිලධාරීන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!



















