+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

සමාජ ආරක්ෂණයට කැප වූ ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් අගයයි!
2026-10-21


සමාජ ආරක්ෂණයට කැප වූ ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් අගයයි!

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් ඌව පළාතේ ජීවත්වන, රජයේ විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන අවිධිමත් අංශයේ සේවා නියුක්තිකයින්ගේ අනාගත ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීමේ උදාර මෙහෙවර අගයමින් සංවිධානය කළ "2026 ඌව පළාත් සමාජ ආරක්ෂණ නිලධාරීන් ඇගයීමේ උළෙල" පසුගිය 21 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවැත්විණි. 2025 වර්ෂය තුළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ක්‍රම පිළිබඳව ප්‍රජාව දැනුවත් කරමින් නව සාමාජිකයින් ලියාපදිංචි කිරීම සඳහා ඇපකැප වූ රාජ්‍ය නිලධාරීන් සහ ඊට මඟ පෙන්වූ අධීක්ෂණ නිලධාරීන්ගේ විශිෂ්ට සේවය අගයමින් මෙහිදී සහතිකපත් හා සම්මාන ප්‍රදානය කිරීම ප්‍රධාන වශයෙන් සිදු කෙරිණි.
මීට සමගාමීව, ඌව පළාත තුළ විසිරී සිටින 2500ක් පමණ වූ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ලාභීන් ඇගයීමට ලක් කළ අතර, පූර්ව විශ්‍රාම වැටුප් ක්‍රමයේ සාමාජිකත්වය දරන පවුල්වල 2026 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වී අධ්‍යාපනික ත්‍යාග මුදල් සඳහා හිමිකම් ලැබූ දූ දරුවන් වෙත විශිෂ්ටතා ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය. ඊට අමතරව, උළෙලට සහභාගී වූ විශ්‍රාම වැටුප් ලාභීන්ට සහ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පලතුරු පැළ බෙදාදීම ද විශේෂත්වයක් විය. බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති එම්.කේ.බී. දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල සඳහා බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන සහ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.