ඉදිරි පස්වසරක සාර්ථක ගමනකට ශක්තිමත් අඩිතාලමක්
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ඉදිරි පස්වසරක ගමන්මඟ සැලසුම් කිරීම සඳහා වන 2027 – 2031 උපායමාර්ගික සැලැස්ම (Strategic Plan) සහ 2027 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම (Action Plan) සකස් කිරීමට අදාළ තෙදින නේවාසික වැඩමුළුව 2026 නොවැම්බර් 18, 19 සහ 20 යන දිනයන්හිදී ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී (NIPM) සාර්ථකව පැවැත්විණි.
සභාපති එම්. කේ. බී. දිසානායක මහතාගේ සංකල්පයෙන් සහ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය සහ අනෙකුත් නිලධාරීහු රැසක් සහභාගී සහභාගී වූ අතර, ආයතනයේ ඉදිරි දැක්ම, ඉලක්ක සහ සමාජ ආරක්ෂණ සේවාවන් වඩාත් ඵලදායීව ජනතාව වෙත සමීප කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරමින් ඉදිරි සැලසුම් සකස් කෙරිණි.



















