+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

Seafare (MOU Signing)
2021-09-29


නාවිකයින් සඳහා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම (2021.09.29)

“සෞභාග්‍යා සතිය” වැඩසටහනට සමගාමීව වෙළඳ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ සේවා නියුක්ත 16,000 කට අධික නැවියන් සහ නිලධාරීන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙනු ලැබූ අතර ඊට අදාළව වෙළඳ නාවික ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීම වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වරාය නාවික අමාත්‍යාංශයේ දී 2021.09.29 දින පවත්වන ලදී .
මෙම අවස්තාව සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් (සංවර්ධන III) හේමා පෙරේරා මහත්මිය, වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඩබ්ලිව්.සෙනෙවිරත්න මහතා, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් හඳරාගම මහතා, රාජ්‍ය ඉංජිනේරු සහ නෞකා සමික්ෂක එම්.යූ.අයි. උපුල් පිරිස් මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.