2023.08.04 Social Security Award Ceremony - Badulla

2017 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලසීමාව තුළ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වෙත සාමාජිකයින් බඳවාගනිමින් එය ව්‍යාප්ත කිරීමට ඉහළ දායකත්වයක් දක්වන ලද ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඇගයීම සඳහා වූ ඇගයීම් උත්සවයක් (සම්මාන උළෙලක්) බදුල්ල දිස්ත්‍රික් ලේකම් ශ්‍රී පණ්ඩුක ප්‍රභාත් අභයවර්ධන මහතා හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති ශාන්ත දික්වැල්ල මහතාගේ ප්‍රධාත්වයෙන් 2023.08.04 වන දින බදුල්ල දිස්ත්‍රික් ශ්‍රවනාගාරයේදී පැවැත්විය.