“විගමනික ශ්‍රමික” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

“විගමනික ශ්‍රමික” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය

විගමණික ශ්‍රමිකයින්ගේ සමාජ ආරක්ෂණය සහතික කරමින් අභිමානවත්ව විශ්‍රාම ජීවිතය ගත කිරීමට අවශ්‍ය මුල්‍යමය රැකවරණය සැපයීම සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව හදුන්වාදෙන විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයකි. ඒ අනුව වයස අවුරුදු 18 ත් 59ත් අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් “විගමනික ශ්‍රමික” විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.

ප්‍රතිලාභ

මාසික විශ්‍රාම වැටුප

සාමාජිකයාට වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුප හිමි වේ.

කලත්‍රයා හෝ නම්කළ තැනැත්තෙකු සඳහා විශ්‍රාම වැටුප

සාමාජිකයා විශ්‍රාමිකයෙකු ලෙස (වයස අවුරුදු 60 න් පසුව) අවුරුදු 80 සම්පූර්ණ වීමට පෙර මියගියහොත්:

  • කලත්‍රයා හෝ සාමාජිකයා විසින් නම්කළ අයකු සඳහා, සාමාජිකයාගේ වයස අවුරුදු 80 වන තෙක් මාසිකව විශ්‍රාම වැටුප ලබාගැනීමට හැකිවීම.
  • කලත්‍රයා හෝ නම්කළ අයකු නොමැති නම් සාමාජිකයා නමින් තැන්පත්ව ඇති ශුද්ධ දායක මුදල හා පොලිය සාමාජිකයාගේ පසු උරුමකරුවන්ට ආපසු ලබාගත හැකිය.

මරණ පාරිතෝෂික

හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් ලෙස විශ්‍රාම ලැබීමට (වයස අවුරුදු 60ට පෙර) පෙර සිදුවන ඔබගේ මරණයකදී, මරණ පාරිතෝෂිකයක් සහ සාමාජිකයා නමින් අප සතුව තැන්පත්ව ඇති මුදල් හා ඊට අදාළ පොලිය ද සමඟ පසු උරුමකරුවන් වෙත හිමිවේ.

කිසියම් තැනැත්තෙකු විදේශගතව සිටියදී සහ මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට වාරික මුදල් ගෙවමින් සිටින අතරතුර මියගියහොත් ඔහුගේ කලත්‍රයා හෝ යපෙන්නකු සඳහා විශ්‍රාම වැටුප හිමිකම ලබාදෙනු ලැබේ. ඒ අනුව ඔවුන්ගේ වයස අවුරුදු 60 සිට මාසිකව විශ්‍රාම වැටුප් සහ යෝජනා ක්‍රමයේ අනෙකුත් ප්‍රතිලාභ සඳහා හිමිකම ලැබේ.

ස්ථිර අර්ධ අබලතා ප්‍රතිලාභ

හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් වශයෙන් ඔබ ස්ථිර අර්ධ අබලතා තත්ත්වයකට පත්විමකදී පාරිතෝෂික මුදල් ලබාදේ.

ස්ථිර පුර්ණ අබලතා ප්‍රතිලාභ

හදිසි අනතුරක හෝ රෝගයක ප්‍රතිඵලයක් වශයෙන් සාමාජිකයකු ස්ථිර පුර්ණ අබලතාවයකට පත්විමකදී ඉදිරි වාරික මුදල් අයකිරීමකින් තොරව එදින සිට ජීවිතාන්තය දක්වා මාසිකව විශ්‍රාම වැටුප් ලබාගත හැක.

විශ්‍රාම පාරිතෝෂික

විදේශ ගත වන ශ්‍රී ලාංකිකයකු මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා සාමාජික වී විදේශ මුදලින් ප්‍රේෂණය කර ඇති සම්පුර්ණ මුදලෙන් 5% ක් දායකත්වය සම්පුර්ණ කළ දිනට පවතින විනිමය අනුපාතය අනුව විශ්‍රාම පාරිතෝෂික වශයෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වූ පසු ප්‍රතිලාභ ලබාගන්නා මුල් අවස්ථාවේදී (පළමු විශ්‍රාම වැටුප සමග) අදාළ සාමාජිකයා වෙත ගෙවනු ලැබේ.

අතිරේක කරුණු

  • වාරික මුදල ගෙවීම විගමණික ශ්‍රමිකයා සේවය කරන රටෙහි ව්‍යවහාර මුදල් ඒකකය මගින් හෝ ඇමරිකානු ඩොලර් (USD) මගින් සිදු කළ යුතුය (වගු අංක 7.1 ට අනුව ගණනය කළ වාරික මුදලට සමාන මුදලක්).
  • විදේශගතවීමට ප්‍රථමව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජික මුදල් ගෙවීම ආරම්භ කිරීමට කැමැත්ත සහිත අයදුම්කරුවන් වේ නම් ඔවුන් සඳහා පළමු වාරිකය පමණක් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට හැකියාව ඇත.
  • අයදුම්කරුවන්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය වෙත සාමාජික මුදල් ගෙවීම සඳහා පහත විකල්පවලින් එක් ක්‍රමයක් තොරා ගැනීමේ හැකියාව ඇත:
  • එක් වාරිකයකින් ගෙවීම
  • වසර දෙකක් තුළ මාසිකව හෝ ත්‍රෛමාසිකව ගෙවීම
  • වසර තුනක් තුළ මාසිකව හෝ ත්‍රෛමාසිකව ගෙවීම
  • වසර හතරක් තුළ මාසිකව හෝ ත්‍රෛමාසිකව ගෙවීම
  • වසර පහක් තුළ වාර්ෂික වාරික 5 කින් ගෙවීම

වසර 2, 3 සහ 4 ක කාලසීමාවන් තුළ මාසිකව හෝ ත්‍රෛමාසික වාරික ගෙවීමේ පදනමට සාමාජිකත්වය ලබන සාමාජිකයින් ස්ථිර අර්ධ අබලතා ප්‍රතිලාභ, ස්ථිර පුර්ණ අබලතා ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබීමට නියමිත කාලසීමාව තුළ අදාළ වාරික ගෙවීම් සම්පුර්ණ කර තිබිය යුතුය.

කිසියම් හේතුවක් මත විදේශගත ශ්‍රමිකයකු අදාළ කාලසීමාවට පෙර එතෙර රැකියාව අවසන් කර ශ්‍රී ලංකාව වෙත පැමිණීම සිදුවුවහොත් ඔහුගේ/ඇයගේ අභිමතය පරිදි විදේශ මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් වාරික මුදල් ගෙවීම් කිරීමට හැකියාව ඇත.


විදේශ ව්‍යවහාර මුදල් බැංකු ගිණුම (වෙනත් විදේශ මුදල් ප්‍රේෂණ සඳහා)

ගිණුමේ නම : ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
බැංකුවේ නම : මහජන බැංකුව
ශාඛාවේ නම : නුගේගොඩ
ගිණුම් අංකය : 174402140350212
SWIFT කේතය : PSBKLKLX023

“මනුසවි” – රු. 1,000 ක මාසික විශ්‍රාම වැටුපට වාරික වගුව

වයස එකවර ගෙවන්නේ නම් මුදල (රු.) වසර 2 – මාසික (24) වසර 2 – ත්‍රෛමාසික (08) වසර 3 – මාසික (36) වසර 3 – ත්‍රෛමාසික (12) වසර 4 – මාසික (48) වසර 4 – ත්‍රෛමාසික (16) වසර 5 – වාර්ෂික (5)
18 3,800 188 563 136 408 110 331 925
19 4,100 204 613 147 442 121 363 1,000
20 4,500 221 663 161 483 131 394 1,100
21 4,900 242 725 175 525 144 431 1,200
22 5,300 263 788 192 575 156 469 1,300
23 5,800 288 863 208 625 171 513 1,425
24 6,300 313 938 228 683 185 556 1,550
25 6,900 342 1,025 247 742 202 606 1,700
26 7,500 371 1,113 269 808 221 663 1,850
27 8,200 404 1,213 294 883 242 725 2,025
28 8,900 442 1,325 322 967 263 788 2,200
29 9,700 483 1,450 350 1,050 288 863 2,400
30 10,600 525 1,575 383 1,150 313 938 2,625
31 11,600 575 1,725 417 1,250 342 1,025 2,850
32 12,600 625 1,875 456 1,367 373 1,119 3,125
33 13,800 683 2,050 497 1,492 406 1,219 3,400
34 15,000 746 2,238 542 1,625 444 1,331 3,700
35 16,400 813 2,438 592 1,775 485 1,456 4,050
36 17,900 888 2,663 647 1,942 529 1,588 4,425
37 19,500 971 2,913 706 2,117 579 1,738 4,825
38 21,300 1,058 3,175 772 2,317 631 1,894 5,275
39 23,300 1,158 3,475 842 2,525 690 2,069 5,750
40 25,400 1,263 3,788 919 2,758 754 2,263 6,275
41 27,800 1,379 4,138 1,006 3,017 825 2,475 6,875
42 30,300 1,508 4,525 1,100 3,300 902 2,706 7,500
43 33,100 1,650 4,950 1,203 3,608 902 2,706 8,200
44 36,200 1,804 5,413 1,203 3,608 988 2,963 8,975
45 39,600 1,804 5,413 1,317 3,950 1,079 3,238 9,800
46 43,300 1,975 5,925 1,439 4,317 1,183 3,550 10,750
47 43,300 2,158 6,475 1,578 4,733 1,296 3,888 10,750
48 47,400 2,367 7,100 1,728 5,183 1,421 4,263 11,750
49 51,800 2,592 7,775 1,894 5,683 1,558 4,675 12,875
50 56,800 2,842 8,525 2,078 6,233 1,708 5,125 14,125
51 62,200 3,117 9,350 2,278 6,833 1,877 5,631 15,475
52 68,200 3,417 10,250 2,503 7,508 2,063 6,188 16,975
53 74,800 3,754 11,263 2,750 8,250 2,269 6,806 18,650
54 82,000 4,125 12,375 3,025 9,075 2,498 7,494 20,500
55 90,100 4,538 13,613 3,331 9,992 2,752 8,256 22,550
56 99,000 4,996 14,988 3,669 11,008 - - -
57 108,900 5,504 16,513 - - - - -
58 119,900 - - - - - - -
59 132,100 - - - - - - -

වයස 18–59 සඳහා සුදුසුකම

ශ්‍රී ලංකා විදේශ සේවා නියෝජිත සංවිධානවල ලියාපදිංචි වූ විගමනික ශ්‍රමිකයින්ට යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.

සම්පූර්ණ ආරක්ෂාව

වයස 60 සිට මාසික විශ්‍රාම වැටුප, මරණ පාරිතෝෂික, අබලතා සහ පසු උරුමකරුවන්ට ආරක්ෂාව ලබා දේ.

විශ්‍රාම පාරිතෝෂිකය – 5%

වෙලද මුදලින් ප්‍රේෂණය කළ මුළු දායක මුදලෙන් 5%ක් විශ්‍රාම පාරිතෝෂිකයක් ලෙස ගෙවනු ලැබේ.