“නාවිකයා” සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය
නාවිකයා යෝජනා ක්‍රමය ගැන
වයස්ගත වීම, රැකියා ආශ්‍රිත හදිසි අනතුරු, රැකියා හේතුකරගෙන ඇතිවන රෝගී තත්ත්වයන්, අකර්මන්‍යතා, පවුල් ප්‍රතිලාභ සහ යැපෙන්නන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍රයන්හි අවශ්‍ය සමාජ ආරක්ෂාව සැපයීම අරමුණු කොටගෙන, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය ඒකාබද්ධව වෙළෙඳ නාවිකයන් සඳහා හඳුන්වා දෙන විශේෂ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයකි. මෙය නාවිකයන්ට අවශ්‍ය මූල්‍ය රැකවරණය ලබා දෙමින් අභිමානයෙන් ජීවිතය ගත කිරීම සඳහා ඉන්දීය වශයෙන් සකස් කළ සමාජ ආරක්ෂණ ව්‍යවස්ථාවකි.