ඔප්පු සේවා, විශ්‍රාම වැටුප්, රක්ෂණ හා ප්‍රවර්ධන වශයෙන් ප්‍රධාන කාර්යාලයේ සේවා ඒකක 04ක් සහ සියළුම දිස්ත්‍රික්ක වල පිහිටුවා ඇති කාර්යාල 25 මඟින් සේවා කටයුතු ඉටුකරනු ලැබේ. දිස්ත්‍රික් කාර්යාල සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින්,සහයක කාර්ය මණ්ඩලය පත්කර ඇති අතර,ඔවුන් දිස්ත්‍රික් කටයුතු මෙහෙයවීම හා සම්බන්ධීකරණය හා සෘජු බඳවාගැනීම් කටයුතු සිදුකරනු ලැබේ. විවිධ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා ආයතන සමඟ ඒකාබද්ධව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී එම නිලධාරීන්ගේ මැදිහත්වීම ලබා ගැනීමට කටයුතු කර ඇත.