පරිපාලන අංශය

පරිපාලන අංශයේ ප්‍රධාන කාර්යයන්
  • අනුමත බඳවා ගැනීම් පරිපාටිය අනුව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, පුහුණු කිරීම, කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම, වැටුප් වර්ධක ලබා දීම, වැටුප් වැඩිකිරීමේ පරිවර්තන සිදු කිරීම සහ සුදුසුකම් සැපීරීමෙන් පසු උසස් වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  • ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයේ පුද්ගලික ලිපිගොනු නිසිලෙස නඩත්තු කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී විනය කටයුතු සිදු කිරීම.
  • ආයතනයේ ප්‍රවාහන කටයුතු, වාහන නඩත්තු කටයුතු, ආරක්ෂක සේවා, සනීපාරක්ෂක සේවා ලබා ගැනීමේ දී ගිවිසුම් ඇති කර ගැනීම.
  • වාර්ෂික වාර්තා, සංයුක්ත සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම හා අනෙකුත් මාසික, ත්‍රෛමාසික සියලු වාර්තා සකස් කර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසු අමාත්‍යංශය වෙත යොමු කිරීම.
  • දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කටයුතු විධිමත් කර ගැනීම සඳහා අභ්‍යාසලාභි උපාධිධාරින් 58000 ක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ බඳවා ගෙන ඇති උපාධිධාරින් 230ක් අප ආයතනය වෙත අනුයුක්ත කර ඇති අතර, ඔවුන්ගේ ලිපිගොනු ආශ්‍රිත කටයුතු සිදුකිරීම.
  • බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මඟින් බහුකාර්ය සංවර්ධන කාර්ය සහායක පුහුණුලාභීන් අප ආයතනය වෙත අනුයුක්ත කර ගැනීමට අදාළව ඉදිරි කටයුතු සිදුකරමින් අප ආයතනය වෙත නිලධාරීන් 06 දෙනෙකු අනුයුක්ත කර ඇති අතර, මෙම නිලධාරීන් සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව වෙත ලිපියක් මඟින් ඉල්ලීම් සිදුකර ඇත.
  • වර්ෂ අවසාන කාර්ය සාධන වාර්තාව සකස්කර අමාත්‍යංශය වෙත යොමු කිරීම.
  • තාක්ෂණික උපදේශන කමිටුව සඳහා අවශ්‍ය පත්‍රිකා සකස්කර ඉදිරිපත් කිරීම හා රැස්වීම් පැවැත්වීමේ කටයුතු සංවිධානය කිරීම.
  • මාසිකව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
  • කාර්ය මණ්ඩලයේ දෛනික පැමිණීමේ වාර්තා ගොනු නඩත්තු කර ප්‍රධාන කාර්යාලයේ හා දිස්ත්‍රික් කාර්යාල 25 මාස 06කට වරක් නිවාඩු වාර්තා සියළුම කර්යමණ්ඩලයට නිකුත් කිරීම සහ මාසිකව වාර්තා ගොනු කිරීම.
  • කාර්යමණ්ඩලයේ අග්‍රහාර රක්ෂණ අරමුදලේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අයගේ රක්ෂණ වාරික මුදල් පිළිබඳ වාර්තා සකස් කර මාසිකව රක්ෂණ භාර අරමුදලට යොමු කිරීම හා රක්ෂණ ආවරණ ඉල්ලීම් සඳහා කඩිනමින් මුදල් ලබාගැනීමේ අවශ්‍ය කටයුතු කිරීම.
  • දෛනිකව ආයතනයට ලැබෙන සියළුම ලිපි ලේඛණ පරික්ෂාකර බලා සභාපති, සාමාන්‍යාධිකාරි අදාළ අංශ ප්‍රධානින් වෙත නොපමාව යොමු කිරීම මෙන්ම දිස්ත්‍රික් කාර්යාල හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙත යොමු කළ යුතු ලිපි හා පාර්සල් කඩිනමින් තැපෑලට යොමු කිරීම.
  • කාර්යමණ්ඩලයේ මාරු මණ්ඩල රැස්වීම් පවත්වා ඒ අනුව ස්ථානමාරුවීම් සඳහා අවශ්‍ය ලිපි නිකුත් කිරීම හා ආයතනයේ රාජකාරි අවශ්‍යතාවය මත සිදුකරන ස්ථාන මැරුවීම් සඳහා කටයුතු කිරීම.
  • මාසිකව,ත්‍රෛයි මාසිකව හා වාර්ථා ,අභ්‍යන්තර විගණන විමසුම් හා රජයේ විගණන විමසුම් සඳහා පිළිතුරු යොමු කිරීම හා විගණන රැස්වීම් සඳහා සහභාගි වීම.
  • තාක්ෂණික කමිටු රැස්වීම් සඳහා සහභාගි වීම ,අවශ්‍ය තාක්ෂණික කමිටු පත්‍රිකා සකස් කිරීම හා රැස්වීම් පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සපයා දීම.
  • අත්‍යවශ්‍ය ආයතනික කටයුතු සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කිරීම හා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම.
  • කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම.
මානව සම්පත්
  • ප්‍රධාන කාර්යාලය – මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය 2013 මාර්තු 06 දින සිට බලපැවැත්වෙන පරිදි රාජගිරිය රාජගිරිය පාරේ අංක 18 දරන ස්ථානයේ පිහිටි මණ්ඩලයටම අයත් මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක ස්ථාපිත කරන ලදී.
  • දිස්ත්‍රික් කාර්යාල – සමාජ ආරක්ෂණ දිස්ත්‍රික් කාර්යාල රටේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇත
  • සාමාන්‍යාධිකාරි
  • සහකාර සාමාන්‍යාධිකාරි 03
  • කළමනාකරු (පරිපාලනය)
  • කළමනාකරණ සහකාර
  • දුරකථන ක්‍රියාකරු (කාර්යාල සහකාර)
  • කාර්යාල කාර්ය සහයක
  • රියදුරන්

තොරතුරු තාක්ෂණ ඒකකය

  • සමාජ ආරක්ෂණ නිලධාරි (තොරතුරු තාක්ෂණ)
  • දත්ත පරිපාලක
  • පරිගණක වැඩසටහන් සහකාර (මෘදුකාංග)
  • පරිගණක වැඩසටහන් සහකාර (දෘඩාංග)