පුවත්

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය – ප්‍රධාන කාර්යාලය (2023.01.18)

අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යමුනා පෙරේරා මහත්මියගේ පැමිණීම

කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත්වූ යමුනා පෙරේරා මහත්මිය අප ආයතනයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට පැමිණියාය. එදින ලේකම්වරිය ආයතනයේ මාණ්ඩලික නිලධාරීන් සමඟ ආයතනයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ද ලබා දුන්නේය. කාර්යාලයේ සෑම දෙපාර්තමෙන්තුවකම රාජකාරී නිරික්ෂණයට සහභාගී වූ ඇය රාජකාරියේ නියුතු නිලධාරීන් සමග සුහද කතා බහක ද නිරත වූවාය.

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව සභාපති ධූරය භාර ගනිමින්

ඉංජිනේරු ශාන්ත දික්වැල්ල මහතා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. 2022 දෙසැම්බර් 23 දින ශාන්ත දික්වැල්ල මහතා වැඩේ බාර ගන්නා ලදී.

මනුසවි 2022 සැප්තැම්බර් 26

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය එක්ව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී ඇත “මනුසවී ” විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සඳහා සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ලෙස හඳුන්වා දී ඇත. මෙම යෝජනා ක්‍රමය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී 2022 සැප්තැම්බර් 26 වැනි දින දියත් කරන ලදී.