මුදල් අංශය
මුදල් අංශය ප්‍රධාන කාර්යයන්
- වාර්ෂික අයවැය ලේඛනය පිළියෙල කිරීම.
- වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම පිළියෙල කිරීම.
- මාසික අක්මුදල් වාර්තා පිලියල කිරීම (වාර්ෂික අයවැය ප්‍රසම්පාදන මත)
- 1971 අංක 38 දරණ මුදල් පනතේ විධිවිධාන වලට අනුව වාර්ෂික මුල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා නියමිත වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
- මහා භාණ්ඩාගාරයට, රේඛීය අමාත්‍යාංශයට හා කළමනාකරණ කාර්යයන් සඳහා අවශ්‍ය වන මුල්‍ය වාර්තාවන් වරින් වර පිළියෙල කිරීම.
- මුදල් අංශයට අදාල සියලුම ගිණුම් යාවත්කාලීන කිරීම.
- සියලුම ගණුදෙනු වලට අදාළ බැංකු ගිණුම් ක්‍රමානුකූලව පවත්වා ගෙන යාම සහ මාසික බැංකු සැසදුම් වාර්තා පිලියෙල කිරීම.
- මාසික විශ්‍රාම වැටුප් සහ අනෙකුත් සියලුම දායක ගෙවීම් සිදුකිරීම සහ ගිණුම්ගත කිරීම.
- දායකයින්ගෙන් ලබාගන්නා මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීම.
- වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයන් සිදු කිරීම තුළින් ආයතනය සතු ස්ථාවර වත්කම් පිළිබඳ වාර්තාවන් පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම.
- කාර්යය මණ්ඩලය සඳහා මාසිකව වැටුප් සැකසීම හා අදාළ වාර්තාවන් පිළියෙල කිරීම.
- කළමනාකරණයට අවශ්‍ය තීරණ ගැනීම සඳහා විධිමත් හා නිවැරදි තොරතුරු ලබාදීම.
- විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ සාමාජික මුදල් තැන්පතු භාර ගැනීම හා බැංකුගත කිරීම.
- මණ්ඩලය අවශ්‍ය සියලුම භාණ්ඩ හා සේවාවන් සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම.
- බැංකු සහ තැපැල් කාර්යාල මඟින් ලද දායක මුදල් මත දායක ගිණුම් යාවත්කාලීන කිරීම.
- වාර්ෂිකව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
- බඳවාගැනීම් සහ දායක මුදල් රැස්කිරීම් මත දිරිදීමනා ගණනය කිරීම සහ අදාළ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
- ආයතනයේ පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය සියලුම ගෙවීම් කටයුතු කළමනාකරණය කිරීම.
- ආයතනයේ භාණ්ඩ තොග පවත්වාගෙන යාම.
- ආයතනයේ අක්‍රිය දායකයින් සක්‍රිය කිරීමට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- ආයතනයේ කාර්යමණ්ඩලය ලබාගන්නා ණය මුදල් පිළිබඳ ගිණුම් පවත්වාගෙන යාම.
- කලාකරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ ගිණුම් පවත්වාගැනීම හා කලාකරුවන්ට අදාළ ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීම.
මානව සම්පත්
- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්)
- සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්)
- ගිණුම් නිලධාරි (මුදල්)
- ගිණුම් නිලධාරි (රැස්කිරිම්)
- පොත් තබන්නා
- කළමනාකරණ සහකාර
- කාර්යාල කාර්ය සහයක