සමාජ ආරක්ෂණ අංශය

සමාජ ආරක්ෂණ අංශයේ ප්‍රධාන කාර්යයන්

  • විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පිළිබඳ ප්‍රචාරණය සහ ප්‍රවර්ධන කටයුතු සැලසුම් කිරීම හා මෙහෙයවීම.
  • සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් හා ඉලක්කගත ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කිරීම.
  • යෝජනාක්‍රමය පිළිබඳ දැනුවත් කීරීමෙන් පසුව සාමාජිකත්වය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම.
  • පසු වාරික මුදල් ගෙවීම සඳහා අදාළ මඟපෙන්වීම සිදුකර ගෙවීම් කිරීමට අවශ්‍ය වන පාස්පොත්, බැංකු බැරපත් ලබාදීම.
  • සාමාජික ගැටලු නිරාකරණය, අක්‍රීය තත්ත්වයකට පත්වන සමාජිකයන් සක්‍රීය කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම.
  • ප්‍රධාන කාර්යාලයේ සමාජ ආරක්ෂණ අංශය හා දිස්ත්‍රික් කාර්යාල 25ක් පරිපාලනය කරමින් සේවා කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගැනීම.
  • ආයතන, නිලධාරීන් හා පොදුජන සංවිධාන සම්බන්ධීකරණය කරමින් විශ්‍රාම වැටුප් යෝජනාක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරිම.
මානව සම්පත්

ඔප්පු සේවා, විශ්‍රාම වැටුප්, රක්ෂණ හා ප්‍රවර්ධන වශයෙන් ප්‍රධාන කාර්යාලයේ සේවා ඒකක 04ක් සහ සියළුම දිස්ත්‍රික්ක වල පිහිටුවා ඇති කාර්යාල 25 මඟින් සේවා කටයුතු ඉටුකරනු ලැබේ. දිස්ත්‍රික් කාර්යාල සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින්,සහයක කාර්ය මණ්ඩලය පත්කර ඇති අතර,ඔවුන් දිස්ත්‍රික් කටයුතු මෙහෙයවීම හා සම්බන්ධීකරණය හා සෘජු බඳවාගැනීම් කටයුතු සිදුකරනු ලැබේ. විවිධ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා ආයතන සමඟ ඒකාබද්ධව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී එම නිලධාරීන්ගේ මැදිහත්වීම ලබා ගැනීමට කටයුතු කර ඇත.

  • නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සමාජ ආරක්ෂණ)
  • සහකාර සාමාන්‍යාධිකාරි (බඳවාගැනීම් හා දිස්ත්‍රික් පරිපාලන)
  • සහකාර සාමාන්‍යාධිකාරි (විශ්‍රාම වැටුප්/රක්ෂණ)
  • කළමනාකරු (ඔප්පු සේවා)
  • කළමනාකරු (රක්ෂණ)
  • සමාජ ආරක්ෂණ නිලධාරි (විශ්‍රාම වැටුප්)
  • සමාජ ආරක්ෂණ නිලධාරි (ප්‍රවර්ධන)
  • ජේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරින්
  • සම්බන්ධීකරණ නිලධාරින්
  • කළමනාකරණ සහකාර
  • කාර්යාල කාර්ය සහයක